දුම්රිය වැසිකිළි කටෙන් බිමට වැටුණු දරු ප්‍රසූතිය ...
ගැබිනි මවක් දුම්රිය වැසිකිළියේ
සිටියදී ප්‍රසූත කළ බිලිඳා වැසිකිළි කුහරය හරහා දුම්රිය පීලි මතට වැටීමේ
පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
වැසිකිළි කුහරය හරහා දුම්රිය පීලි මතට වැටුණු නමුත් බිලිඳාගේ දිවි ආරක්ෂා වී තිබේ.රාජස්ථානයේ දුම්රියක සිටි ඉහත කී මව දරු ප්‍රසූතියත් සමග සිහිසුන් වී සිටි බවයි පැවසෙන්නේ.
නවතා තිබූ දුම්රිය අසල, ගබඩාවක සිටි සේවකයකු දරුවකු හඬන බව ඇසී ඒ බව දුම්රිය බලධාරීන්ට දැන්වීමෙන් පසු අලුත උපන් බිලිඳා සොයා ගෙන තිබේ.
පසුව ප්‍රථමාධාර ලබා දීම සඳහා බිලිඳා ප්‍රාදේශීය රෝහල වෙත ගෙන යනු ලැබීය.
බොහෝ ඉන්දීය දුම්රිය මැදිරි තුළ වන වැසිකිළි කුහර දුම්රිය පීලි දෙසට සෘජු ලෙස විවෘතව තිබෙන අතර මීට පෙරත් මෙවැනි සිදුවීම් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
bbc
No comments: