කවදාවත් වයසට යන්නේ නැති අවුරුදු 9යේ ළමයා
ගැබී විලියම්ස් රාත්තල් 11ක් විතර බරයි. ඇයට තියෙන්නේ අලුතෙන් ඉපදුන බබෙක්ගේ මූණක්, ඒ වගේම මාස 2ක විතර ළමයෙකුගේ සිරුරක්. ඒත් ගැබීට ඇත්තටම අවුරුදු 9ක් වෙනවා. ගැබීට සහෝදර සහෝදරියන් 5ස් දෙනෙක් ඉන්නවා. ඒ අය අවුරුද්දෙන් අවුරුද්ද ලොකු වුනාට ගැබී හැමදාම ඉන්නේ එකම විදිහට. ගැබීට තියෙන රෝගය මොකක්ද කියල තාම හොයාගෙන නැහැ, ඒ නිසා ඒකට කියන්නේ සින්ඩ්‍රොම් එක්ස් කියලයි.
ගැබී ඉපදුනේ පෙනීම නැතිවයි. ඒ වගේම එයාට කතා කරන්නත් බැහැ. එයා තාම අදින්නේ මාස 3ත් 4ත් අතර ළමයි අදින ඇඳුම්. වෛද්‍යවරයන් විශ්වාස කරන්නේ ගැබීගේ රෝගයට හේතුව ඇයගේ ඩී.එන්.ඒ. වල තියෙන යම් දෝෂයක් කියලයි. මේ විදිහට වයසට යන්නේ නැති කිහිපදෙනෙක් දැනට ලෝකේ ඉන්නවා. මේ අයව අධ්‍යනය කිරීමෙන් මරණයට විසඳුමක් හොයාගන්න සමහර අය උත්සහා කරනවා.
copy-yako
No comments: