Header Ads

Breaking News
recent

තිස්ස අත්තනායක අත්අඩංගුවට..



පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක අද (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කූඨ ලේඛන සකස් කිරීමේ වරදට පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහගේ අත්සන් සහිත බව පවසමින් ගිවිසුමක් අදාළ මන්ත‍්‍රීවරයා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් කළා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේ ප‍්‍රගතිය ඇතුළත් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබුවා. එය අධ්‍යයනය කළ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 459 වන වගන්තියට අනුව කූඨ ලේඛන සකස් කිරීමේ වරදට මොහු අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබූ බවයි පොලීසිය සදහන් කළේ.


rategossip







No comments:

Search This Blog

Powered by Blogger.